Firefox අතිරික්සුව

Get to your go-to places faster on your iPhone and iPad

See your open tabs, past searches and favorite sites all in one place with Firefox Browser for iOS.

ඇප් ස්ටෝර් වෙතින් බාගන්න

අයිඕඑස් සඳහා Firefox ගන්න

QR කේතය සුපිරික්සන්න

අයිඕඑස් වෙත Firefox ගැනීමට QR කේතය සුපිරික්සන්න

Firefox පෙරනිමි අතිරික්සුව කරන්න

දැන් අයිපෝන් සහ අයිපෑඩ් පරිශීලකයින්ට ඔවුන්ගේම පෙරනිමි අතිරික්සුව තෝරා ගැනීමට හැකිය. එයින් අදහස් වන්නේ ඔබ සෆාරි භාවිතයට සිරවී නැති බවයි. ඔබගේ ජංගම අතිරික්සුව ප්‍රියතම වැඩතල අතිරික්සුව සමඟ සමමුහූර්තව තබා ගැනීමට හැකිය. තවද, ඔබගේ පෙරනිමි අතිරික්සුව ලෙස Firefox සැකසූ විට, ඔබ ස්වාධීන තාක්‍ෂණික සමාගමකට සහාය දක්වයි. Firefox යනු ලාභ නොලබන පිටුබලයක් සහිත ලොව එකම ප්‍රධාන අතිරික්සුවයි.

වේගවත්. පෞද්ගලික. ආරක්‍ෂිත

වේගය කැප නොකර සියල්ල පෞද්ගලිකව තබා ගන්න. තවද, ෆයර්ෆොක්ස් පිරික්සුම් විශේෂාංග මගින් පෞද්ගලිකත්‍වය සුරැකෙන පරිදි, මුරපද සහ පොත්යොමු ඔබ යන ඕනෑම තැනකට ආරක්‍ෂිතව රැගෙන යාමට පහසුකම් සලසයි, ඔබගේ මාර්ගගත කටයුතු ඉතාමත් පහසු කරයි.

මාර්ගගතව පෞද්ගලිකව සිටින්න

ඔබ වියමනෙහි සිටින විට Firefox හරහා ඉහළ පෞද්ගලිකත්‍ව රැකවරණයක් ලැබෙයි. අපගේ තිළෑලි වැඩි දියුණු කළ ලුහුබැඳීමේ රැකවරණය මගින් සමාජ මාධ්‍ය ලුහුබැඳීම්, හරස්-අඩවි දත්තකඩ සහ ඇඟිලි සටහන් වැනි ලුහුබැඳීම් සහ අත්පත් අවහිර කරයි.

ඔබගේ අතීතය ඉතිහාසයයි

ඔබට අවශ්‍ය නම්, පහසුවෙන්ම පෞද්ගලික පිරික්සුම් ප්‍රකාරය භාවිතයෙන් අන්තර්ජාලයෙහි ඕනෑම දෙයක් සෙවීමට හැකිය. ඔබ පෞද්ගලික පිරික්සුම් ප්‍රකාරය වසා දැමූ විට, පිරික්සුම් ඉතිහාසය සහ දත්තකඩ ස්වයංක්‍රීයව ඔබගේ උපාංගයෙන් ඉවත් කෙරේ.

දෛනිකව Firefox සමීපයෙන් තබා ගන්න

ආරක්‍ෂිතව සහ බාධාවකින් තොරව පිරික්සීම සඳහා ඔබගේ උපාංග සියල්ලෙහි Firefox ස්ථාපනය කරන්න. ඔබ යන ඕනෑම තැනකට ඔබගේ ප්‍රියතම පොත්යොමු, සුරකින ලද පිවිසුම්, මුරපද සහ පිරික්සුම් ඉතිහාසය රැගෙන යාමට ඔබගේ උපාංග සමමුහූර්ත කරන්න. ඊට අමතරව, ඔබගේ දුරකථනය සහ වැඩතලය අතර විවෘත පටිති යැවීමෙන් ඔබ නතර කළ තැනින් අතට ගැනීමට හැනිය.

සියල්ල ඉක්මනින් සොයන්න

සෙවුම් තීරුව තුළින් සෙවුම් යෝජනා ලබාගෙන ඔබ නිතර ගොඩවදින අඩවි වෙත ඉක්මනින් ප්‍රවේශ වන්න. සෙවීමට අවශ්‍ය කාරණය ලිවීමෙන් පසු, ඔබගේ ප්‍රියතම සෙවුම් යන්ත්‍ර වෙතින් යෝජිත සහ කලින් සොයන ලද ප්‍රතිඵල ලබා ගන්න.

මුල් තිරය අයිති කරගන්න

Get to the parts of the internet you care about faster. Choose to see all your open tabs, recent searches, bookmarks and favorite sites all in one place.

ඔබ කැමති බොහෝ දෑ සොයා ගන්න

ඔබ නිතර ගොඩවදින අඩවි, ඔබගේ මෑත පොත්යොමු සහ Pocket හි ප්‍රචලිත ලිපි බැලීමට Firefox හි නව පටිත්තක් විවෘත කරන්න. Firefox භාවිතයෙන් ඔබ මෑත දී භාවිතා කරන ලද අඩවි වෙත ඉක්මනින් ප්‍රවේශ වීමට හැකිය.

Mozilla ගැන

සැමට ප්‍රවේශ වීමට හැකි පොදු සම්පතක් අයුරින් අන්තර්ජාලය තැනීම සඳහා Mozilla පවතී, මන්ද සංවෘත සහ පාලිත තත්‍වයකට වඩා විවෘත සහ නිදහස් බව යහපත් යැයි විශ්වාස කරන නිසාය. තෝරා ගැනීම, විනිවිදභාවය සහ පාලනය ප්‍රවර්ධනය කිරීම සඳහා Firefox සහ Pocket වැනි නිෂ්පාදන ගොඩනඟන්නෙමු.