අන්තර්ජාලය කෙටි කරන ඇන්ඩ්‍රොයිඩ් සඳහා Firefox
Firefox බාගැනීමෙන්, ඔබ ස්වාධීන තාක්‍ෂණික සමාගමකට සහාය දක්වයි. Firefox යනු ඔබගේ ජීවිතය පාලනය කර ගැනීමට ඉඩ සලසන විවෘත හා විනිවිද ලාභ නොලබන පිටුබලයක් සහිත ලොව එකම ප්‍රධාන අතිරික්සුවයි.
ඇන්ඩ්‍රොයිඩ් සඳහා Firefox ගන්න
QR කේතය සුපිරික්සන්න

වේගවත් සහ පෞද්ගලික
ඇන්ඩ්‍රොයිඩ් සඳහා Firefox ඉතා වේගයෙන් පිටු පූරණය කරන අතර පෞද්ගලිකත්‍ව රැකවරණයක් ද සපයයි. දියුණු කළ ලුහුබැඳීමේ රැකවරණය මගින් ඔබගේ පිටු මන්දගාමී කරන සහ අන්තර්ජාලය පුරා ඔබව හඹා යන මාර්ගගත ලුහුබැඳීම් ස්වයංක්‍රීයව අවහිර කරයි.
වරක් තට්ටු කිරීමෙන් පෞද්ගලික ප්‍රකාරයට
එක් වරක් තට්ටු කිරීමකින් පෞද්ගලික පිරික්සුම් ප්‍රකාරය වෙත ප්‍රවේශ වන්න. තවද ඔබ එම ප්‍රකාරය වසා දැමූ විට, පිරික්සුම් ඉතිහාසය ඔබගේ උපාංගයෙන් ස්වයංක්‍රීයව මැකී යයි.
ඔබට රිසි අයුරින් සොයන්න
විශාල දුරකථනයක් මිලදී ගත්තා ද? නමුත් කුඩා ප්‍රමාණයේ ඇඟිලි තිබේද? කිසිදු ගැටළුවක් නැත. ඇන්ඩ්‍රොයිඩ් සඳහා Firefox සෙවුම් තීරුව මුදුනෙහි සිට පහළට ගෙනයාමට ඉඩ සලසයි. අතිරික්සුවට ඔබගේම සෙවුම් යන්ත්‍රයක් යෙදීමට හැකි අතර, ඔබට අවශ්‍ය නම් Firefox පෙරනිමි අතිරික්සුව ලෙස සැකසීමට හැකිය.
අඳුරු ප්‍රකාරය මගින් බලය සුරකින්න
ඇස්වල ආතතිය අඩු කර ගැනීමට සහ ඔබගේ විදුලි කෝෂයෙහි බලය බැස යාම අවම කිරීම සඳහා ඕනෑම වේලාවක අඳුරු ප්‍රකාරයට මාරු වන්න.
මුල් තිරය අයිති කරගන්න
විවෘත පටිති ගොඩක් තිබේද? ගැටළුවක් නැහැ, ඔබගේ කාර්යයෙහි රැඳී සිටීමට ඒවා එකතුවකට ගොනු කරන්න. විවිධ උපාංග භාවිතා කරන විට ඔබට එකම දේ පිරික්සීම දිගටම කරගෙන යාමට හැකි වන පරිදි උපාංග හරහා එකතු බෙදා ගැනීමට හැකිය.
එක්කහු සමඟින් Firefox බල ගන්වන්න
එක්කහු යනු පෙරනිමි පෞද්ගලික සැකසුම් ඉහළ නංවාලීමට සහ ඔබගේ අත්දැකීම අභිරුචිකරණය සඳහා මෙන්ම තවත් බොහෝ දෑ සිදු කිරීමට අතිරික්සුව වෙත එක් කිරීමට හැකි බලවත් කුඩා මෙවලම් ය.
ඔබ නතර කළ තැනින් අරඹන්න
දුරකථනයෙන් ඔබගේ වැඩතලයට, අත්ල පරිගණකයට යන්න. ඔබගේ සියළුම උපාංගවල Firefox තිබේ නම්, ඔබ යන ඕනෑම තැනකට ඔබගේ පොත්යොමු, මුරපද, සුරකින ලද පිවිසුම් සහ පිරික්සුම් ඉතිහාසය රැගෙන යාමට හැකිය.
දුරකථනයෙහි මුල් තිරයෙන් සොයන්න
No need to open the app. Add the Firefox search widget and search the web directly from your device’s home screen.
ඔබගේ තිරයට දෘශ්‍යක අමුණන්න
ඔබ වියමනෙහි සැරිසරන විට සහ වෙනත් දෑ සිදු කරන විට නැරඹීම සඳහා අඩවිවලින් හෝ වාදක වලින් දෘශ්‍යක පිටතට ගෙන ඒවා දුරකථනයෙහි තිරයේ මුදුනට අමුණන්න. කාර්ය කිහිපයක් අතරතුර විනෝදයෙන් සිටින්න.
Mozilla ගැන
සැමට ප්‍රවේශ වීමට හැකි පොදු සම්පතක් අයුරින් අන්තර්ජාලය තැනීම සඳහා Mozilla පවතී, මන්ද සංවෘත සහ පාලිත තත්‍වයකට වඩා විවෘත සහ නිදහස් බව යහපත් යැයි විශ්වාස කරන නිසාය. තෝරා ගැනීම, විනිවිදභාවය සහ පාලනය ප්‍රවර්ධනය කිරීම සඳහා Firefox සහ Pocket වැනි නිෂ්පාදන ගොඩනඟන්නෙමු.
